බප/ගම් සියනෑ ජාතික පාසල

ශිෂ්‍ය පාර්ලිමේන්තුව 2024

WhatsAppImage2024-07-29at15625PM.jpeg
hojitha-edit.png

විදුහල්පති පණිවිඩය

ශ්‍රී විද්‍යා ප්‍රභූ, විද්‍යා කීර්ති, විද්‍යා ප්‍රතාප යූ.වී. ගුණරත්න

සුභ පැතුම් පණිවිඩය,

සියනෑ ජාතික පාසලේ වෙබ් අඩවියට විදුහල්පති වශයෙන් සුභාෂිංසන එකතු කරන්නෙ හදපිරි සතුටිනි. දිවයින පුරා බොහෝ පාසල්වල එම පාසල්වලම සකස් කර ගත් වෙබ් අඩවියක් පවතින අතර සියනෑවටත් එවන් වෙබ් අඩවියක් නොතිබීම විශාල අඩුවක් ලෙස දුටුවෙමි. නවීන තාක්ෂණයේ විවිධ ප්‍රයෝජන ලබනා අනාගතයේ තාක්ෂණය තුළින් කීර්තිමත් පුද්ගලයින් බිහිවීමේ පෙර නිමිති සහිත වසර අසූවක් සම්පූරණ වන මෙම විදුහල ගම්පහ දිස්ත්‍රික්කයේ කීර්තිමත් පැරණිම ජාතික පාසාල් කිහිපය අතුරින් එකකි.

මෙමෙ පාසලේ සිප්කිරෙන් පෝෂණය වී ලෝකය පුරා විවිධ ක්ෂේත්‍රවල සිටින ආදි ශිෂ්‍යයන්ටත් මෙම කර්තව්‍යට දායක වන සිසුන් අතුලු වත්මන් සිසුන්ටත් අභිමානයක් ගෙන දෙන  මෙම කාර්‍යයට සහ සම්බන්ධ වූ තිළිණි ගනේපොළ මහත්මිය ප්‍රමුඛ  තොරතුරු තාක්ෂණ ගුරු මහත්මීන්ටත් ඒ සදහා කැපවීමෙන් කටයුතු කල සිසුන්ටත් ස්තූතිය පුද කිරීමද මාගේ යුතුකමකි.

මෙම වෙබ් අඩවිය තුලින් පාසලේ අතීතය, වර්තමාන‍ තොරතුරු යන එදිනෙදා කටයුතු, විශේෂ තොරාතුරු ආදිය පරිශීලකයන් වෙත රැගෙන ඒම අපේ අරමුණයි. මෙය පරිශීලනය කර පාසල පිළිබදව තොරතුරු ප්‍රයෝජනයට ගන්නා ලෙසත් පාසලේ දියුණුවට, වෙබ් අඩවියේ පුළුල් සංවර්ධනයට ඔබගේ අදහස් හා යෝජනා අපි නිරිතුරුවම අපේක්ෂා කරන අතර ඒ සදහා ඔබට ආරාධනා කරමි.

දිවයිනේ ජනප්‍රිය ජාතික පාසල් අතරේ දිදුලන පාසලක් බවට සියනෑ ජාතික පාසල පත්වෙමු. සියනෑ ජාතික පාසලේ කීර්ති නාමය දසත පැතිරෙමු යැයි ප්‍රාර්ථනා කරමින් මා සුබ පතමි.
 
ස්තූතියි.

ශ්‍රී විද්‍යා ප්‍රභූ, විද්‍යා කීර්ති, විද්‍යා ප්‍රතාප යූ.වී. ගුණරත්න
විදුහල්පති
සියනෑ ජාතික පාසල .