නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
බී.චන්ද්‍රරතන හිමි
අපි ජාතික පාසල වනාහි බස්නාහිර පළාතෙහි ගම්පහ කලාපයෙ පමණක් නොව සිරිලක පූජා කර ඇති ජාතික හා සෙසු පාසල් ද අභිබවාජයග්‍රහණය මෙන්ම සුවිශේෂී දක්ෂතා ද පෙන්නුම් කරන මෙම විද්‍යාලය විශිෂ්ටයින් බිහි කරන ලද සුවිශේෂී පාසලකි. අද වන විට පාසල ආරම්භ වී වසර අසූවක් සපිරෙන අතර ළමුන් දෙදාහකට ආසන්නව ප්‍රමාණයක් ඉගෙනුම ලබමින් ක්‍රීඩා විශේෂ සමගාමීව ශ්‍රේෂ්ත්‍රවලින් ලබා ඇති ජයග්‍රහණ ද රාශියකි.
සියනෑවේ දිදුලන පාසලක් ලෙස අප නව ලෝකයට සිරිලක දන්වමින් විවිධ ක්‍රමෝපායන්අත්හදා බලන අතර ඒ අනුව විශ්ව ගම්මානයක් බඳු ලෝකයේ දැනුම සොයන දරුවන් හා ගුරුභවතුන් එක්ව සෙසු පාසල් ද සමඟ එක්ව විවිධ ක්‍රමවේද අනුගමනය කරනු ලබයි එබැවින් නොයෙක් විෂය කරුණු ඔස්සේ ක්‍රමශිල්ප භාවිතා කරන අපහට තාක්ෂණික විෂය මාලාව නොමද ශක්තියක් වූ බව කිව යුතුමය ඒ අනුව තොරතුරු තාක්ෂණය හා සන්නිවේදන විෂය හදාරන ගුරු සිසු සැම දෙනාම අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරමින් සියනෑ ජාතික පාසල් නාමය ඉහළට ගෙන ඒම සඳහා විවිධ ක්‍රමවේදයන් අත්හදා බලා ඇත ඒ අනුව තව වෙබ් අඩවියක් ආරම්භ කිරීම පැසසුම් සහගතව එමෙන්ම එයාවත්කාලීනව පවත්වාගෙන යෑම වඩාත් අගය කළ යුතුමය එබැවින් අප පාසල් වෙබ් අඩවිය සමඟ එකතු වී ඔබත් නව ලෝක ජයගැනුමට අවශ්‍ය අත්වැල් බැඳගන්නා ලෙසද සිහිපත් කරනු කැමැත්තෙමි.
බී.චන්ද්‍රරතන හිමි
නියෝජ්‍ය විදුහල්පති
සියනෑ ජාතික පාසල.






